Uncategorized

දූෂණ චූදිත ආයතන ප්‍රධානීන් නැවත පත්කිරීමට ගැන ජනපතිගේ දැඩි විරෝධය.. රනිල්, මංගල කණස්සල්ලෙන්….

රාජ්‍ය ආයතනවල නව ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුව තුළ දැඩි අර්බුද නිර්මාණය වී තිබෙනවා.

විෂයභාර ඇමතිවරුන් තමන් කැමති කැමති පුද්ගලයන් තමා යටතේ පවතින රාජ්‍ය ආයතන සඳහා පත් කිරීමට උත්සාහ කරමින් සිටීම නිසා මම තත්ත්වය මතුව ඇත.

ලංකා බැංකුවේ සභාපති තනතුර සඳහා එහි හිටපු සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට අගමැතිවරයා මෙන්ම විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා ද තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඊට ජනාධිපතිවරයාගේ විරෝධය එල්ල වී ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ කිසිසේත් රොනල්ඩ් පෙරේරා නැවත පත් කිරීම අනුමත කළ නොහැකි බවයි. රොනල්ඩ් පෙරේරා සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් රොනල්ඩ් පෙරේරා මහතාගේ කටහඬ ඇතුළත් හඬ පටයක් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති අතර මන්ත්‍රිවරයා සඳහන් කර ඇත්තේ එය තමාගේ ඥාති සොයුරෙකු විසින් පටිගත කරන ලද්දක් බවයි. 

හිටපු ලංකා බැංකු සභාපතිවරයා විසින් අල්ලස් ඉල්ලා සිටීමක් වැනි යමක් එහි සටහන්ව ඇතැයි වාර්තා වන අතර කෙසේ වෙතත් රොනල්ඩ් පෙරේරාට එරෙහිව ලැබී ඇති පැමිණිලි මොනවාද යන්න පිළිබඳව ජනාධිපතිවරයා අගමැතිවරයාට හෝ මුදල් ඇමතිවරයාට ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් ඔහු නැවත සභාපතිධූරයට පත් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ. 

ජනාධිපතිවරයාගේ මෙම දැඩි විරෝධය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Related posts

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්

Admin

ධර්මදේශනාවලදී දේශපාලනය කතා කිරීමට මැකොගෙන් තහංචියක් !

colombotoday

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

යුධ හමුදාව සතු ඉඩම් නිදහස් කරන්න ඉල්ලා සෙට්ටිකුලමේ විරෝධතා…

colombotoday

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

හම්බන්තොට ඉඩමක් ඊශ්‍රායල් සමාගමකට.. කැබිනට් අනුමැතියෙන් දෙයි…

colombotoday