Colombo Today Local News

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඒකාබද්දව මෙමෙ සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර එහිදී අදාල තෙමහල් නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන අතර උස  අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක්ද සකසා තිබිණි.

මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ අතර භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප‍්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරයක්ද සමඟ ඉදිකර ඇති අතර අදාල භූගත බංකරය ඉදිකිරීම පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

Admin

විපක්ෂනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර නිදහස් පක්ෂයට ??

colombotoday

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

“ජන සටනේදී” මෛත්‍රීවත්, ශ්‍රීලනිපයවත් විවේචනය කළේ නෑ.. විනය ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – සන්ධාන මහලේකම්

colombotoday

මාතලෙන් ඇල්ලූ අධිවිෂ රසායන ලීටර් 1600 ගෙනැවිත් ඇත්තේ තේ කොළ වලට කලවම් කිරීමටයි…

colombotoday