Colombo Today Local News

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරනු ලබන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක් බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගැනීමට එරට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ජාත්‍යන්තර ගුවන් සේවයකට අයත් ගුවන් යානයකින් බ්‍රිතානයේ ලුටන් ගුවන් තොටුපළට පසුගිය බදාදා (10) සවස පැමිණ ඇති මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ඊට පසුදා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනා මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා බෙඩ්ෆෝර්ඩ්ෂයර් පොලිසියේ රඳවා තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කර සිටියේ තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරෙන මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් ලුටන් ගුවන් තොටුපළේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ දැනුවත් කිරීමකට අනුව 2000 වර්ෂයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වෙනි වගන්ති ප්‍රකාරව එම පිරිස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

අද සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය

colombotoday

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday