Colombo Today Local News

තහනම පුස්සක් වෙයි.. සියළු මන්ත්‍රීන් තීරබදු රහිත වාහන බලපත් අරන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර 228ක් නිකුත් කර ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලූ දෙනා තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍රයෙන් වාහන ලබාගෙන ඇති බවත් සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ අගමැතිවරයා, කතානායකවරයා ඇතුළුව මෙතෙක් වාහන නොගත් පිරිසක් ද සිටින බවයි.

අමාත්‍යවරුන් මේ බව පැවසුවේ රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම ඇතුළු තීරණ කිහිපයක් රජය විසින් ගනු ලැබුවේ සියලූ මන්ත‍්‍රීවරුන් වාහන ලබාගෙන අවසන් වූ පසුව බවටත්, එයින් පහරක් එක්ක කර ඇත්තේ රාජ්‍ය සේවකයින්ට බවටත් නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී පළමුව පිළිතුරු ලබාදුන් රාජිත සේනාරත්න මහතා එම බලපත‍්‍රය භාවිතා කළ මෙන්ම නොකළ අය ද සිටින බවත්, තමා තමන්ගේ බලපත‍්‍රය ලබාගත් බවත් කීවේය.

එම තීරුබදු සහිත බලපත් හිමි රජයේ සේවකයින්ගෙන් 8000ක් පමණ එය ලබාගෙන ඇතැයි කී රාජිත සේනාරත්න මහතා තවත් හත්දහස් ගණනක් ලබාගැනීමට සිටින බව ද කීවේය.

එම අවස්ථාවේදී ගයන්ත කරුණාතිලක මහතාද අදහස් දැක්වීමට එක්වූ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ සියලූ දෙනා බලපත‍්‍රය ලබාගෙන ඇති බවත්, තමන් පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා බැවින් ඒ ගැන පැහැදිලිව දන්නා බවත්ය.

Related posts

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

colombotoday

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

colombotoday

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05ක් අත්අඩංගුවට

colombotoday