Colombo Today Local News

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කොටි කුක්කෙකුට දිවා භෝජන සංග්‍රහයක්… වියදම ශ්‍රී ලංකා රජයෙන්…

ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වූ ඩේවිඩ් ටෙහෙලි නමැත්තාට දිවාභෝජන සංග්‍රහයක්‌ පැවැත්වීම ගැන පරීක්‍ෂණයක්‌ කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

2002 සටන් විරාම ගිවිසුමේ උපදේශකයකු ලෙස ක්‍රියා කළ මේ බ්‍රිතාන්‍ය ජාතිකයා කොටි ක්‍රියාකාරීන් සමග එක්‌ව කටයුතු කරන බවද ගෝලීය ශ්‍රී zලංකා සංසදයේ ස්‌විස්‌ ශාඛාවේ සභාපති සරත් මාකවිට ගේ සහ එම සංසදයේ ලේකම් සහන් ධර්මදාස යන මහත්වරු සිය සංදේශයේ සඳහන් කර තිබේ.

ජාතික වගකීම පැහැර හරින තානාපතිවරුන් පිළිබඳ ක්‍රියාකිරීමට ඔබතුමා කටයුතු කරන අවස්‌ථාවේ ජිනීවා සිද්ධියට සම්බන්ධ ජිනීවා ශ්‍රී ලංකා නියෝජිතයාව ආපසු මෙරටට කැඳවන ලෙසද ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි ඩයස්‌පෝරාව සමග ඒකාබද්ධව කටයුතු කරන මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ක්‍රියා පිළිවෙත ගැන ශ්‍රී ලාංකිකයන් දැඩි ලෙස විරෝධය දක්‌වන බවත් ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් මවුබිම බේරා ගැනීමට ඇප කැපව කටයුතු කරන අවස්‌ථාවේ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එම සංදේශයේ තවදුරටත් දක්‌වා තිබේ.

ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිවාභෝජනයක්‌ ලබාදුන් ඩේවිඩ් ටෙහෙලි ශ්‍රී ලංකා විරෝධී මෙහෙයුමක්‌ දියත් කරන බවද ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියා සිටියි.

Related posts

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday