Colombo Today Local News

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය. යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්ය.

මේ සහන හිමිවන්නේවතු සමාගම්වලට බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකරදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසයි.

Related posts

ජනපති ගෝඨාභයගේ ප්‍රථම නිළ සංචාරය අද ඉන්දියාවට – ඇමතිවරු කිසිවෙක් නෑ. නිලධාරින් පමණයි.

colombotoday

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

colombotoday

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin

ISIS තර්ජණ ඇතිබව කියමින් කොළඹ සෞදි තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සෞදි පොලීසිය ගෙන්වයි

colombotoday

21වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව – ජනපති

colombotoday