Colombo Today Local News

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

ත්‍රස්ත විමර්ශන දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ඒකකයෙන් ඉවත් කර තොරතුරු තාක්ෂණ දිසාව වෙත මාරුකර යවා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම කියවුණු අතර, ඒ පිළිබදව මේ දිනවල දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන දිසාවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා අනුයුක්ත කර ඇත.

මේ අතර අදාළ ඝාතන කුමන්ත්‍රණය පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දුරකථන සංවාදයක යෙදුනු බව පැවසෙන දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යාක්ෂක නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 12ක් පමණ ප්‍රශ්නකර ඇතැයිද වාර්තා වනවා.

Related posts

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday

හදිසි අනතුරක්… රෝසි රෝහල්ගත කෙරේ

colombotoday

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

colombotoday

පක්ෂ විවස්තාවට අනුව ජනාධිපතිවරණයට එනවා – කරූ ජයසූරියගෙන් නිවේදනයක්

colombotoday

සිංහලයා සටන්කාමී ජාතියක්… ජෝන් ඩොයිලිලා නැවත ඉපදිලා… ඔවුන්ට එරෙහිව සටන් කිරීම ඔබගෙත් මගේත් යුතුකමක් – ජනපති

colombotoday