මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
ඔහු මෙතෙක් රදවා සිටියේ ‘වයිඕ’ සිරවාට්ටුවේය. මරණ දඩුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර බන්ධනාගාර රෝහලේ
අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අංක 3 වාට්ටුවේ මරණ දඩුවම නොයමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විධානපතිරන, විශ්‍රාමික මේජර් ජනරාල් අජිත් ප්‍රසන්න යන අයද බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කළේය.