Colombo Today Local News

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මෙතෙක්  තිරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  

එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා ද තමාට පැවැසූ බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ   විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයාට සිය සහාය ලබාදෙන බවයි.  කෙසේවෙතත් එවැනි අපේක්ෂකයෙකු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ.

Related posts

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් පසු දිලුම් එළියට… ජංගම දුරකථනය TID භාරයට…

colombotoday

රු 300 යේ එන්නත රු 15000 ට ගෙනල්ලා | මන්ත්‍රී මදුර විතානගේ පැමිණිලි කරයි

colombotoday

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday

හිරුණිකාගේ ගෙට හොරු පනී… ලක්ෂ 5කට අධික රන් බඩු පැහැරගනී…

colombotoday