Colombo Today Local News

ගෝඨාබය ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් ජනතාව භීතියට පත්වෙලා ඉන්නේ – හිටපු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම රටේ ජනතාවට භීතියක් ගෙන ඒමක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. රූපවාහිනි නාලිකා වැඩසටහනකට එක්වෙමින් චන්ද්‍රිකා කුමාණතුංග මහත්මිය මේ බව පැවසුවාය. ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකකමට එන්නේම බලපෙරේතකම නිසා බව ද බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දුන්නාය.

එහි දී අදහස් දැක්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කීය.ගෝඨාභය රාජපක්ෂ වසර නමයක්ම ආරක්ෂක ලේකම් වෙලා හිටියෙ කළ දෙයක් නැහැ. යුද්ධය ඉවර කළා. මම යුද්ධය හතරෙන් තුනක් ඉවර කරලා තිබුණේ. 2015 දී වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ජනතාව කටයුතු කළේ එවකට පැවැති රාජපක්ෂලාගේ ආණ්ඩුව කළ දූෂණ හා මිනී මැරීම් නිසයි.

මම පක්ෂයේ නායකත්වය ගෙන ජනාධිපතිධුරය දෙවරක් දැරුවා. ඒ ශක්තියෙන් තමයි වසර 24ක් බලයේ ඉන්න පුළුවන් වුණේ. ශ්‍රීලනිපයෙන් මම ඉවත් වෙන්නේ නැහැ. නමුත් මට පක්ෂයට වඩා රට වටිනවා. මම බැසිල්ලා එක්ක හෝ කිසිදු රාජපක්ෂ කෙනෙක් එක්ක 2015 සිට කතා කරලා නැහැ. රැස්වීමක දී මුණ ගැහුණොත් හොලෝ මහින්ද කියනවා විතරයි. රාජපක්ෂලා මගේ ආරක්ෂාව පවා අඩු කළා. ඔවුන්ට තිබෙන්නේ පවුල් පාලනයක් ගජමිතුරු පාලනයක්. එයින් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බැහැ.E

Related posts

ගාලුමුවදොර වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

රවී හෙව්වා.. රාජිත හෙව්වා.. දැන් බදුර්දීන්.. මේවා නර නාටක. එජාපයට වෙච්ච දේ ඊලග මැතිවරණයෙන් අපිට වෙයි. – විදුර වික්‍රමනායක

colombotoday

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

colombotoday