Colombo Today Local News

ගෝඨා හමුවීම එජාප මන්ත්‍රීන්ට තහනම්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව හමු නොවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් දැනුම්දී ඇති බව බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සූදානම් වන බවට සිදුවන කතා බහ හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පෞද්ගලිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය එල්ලවීමත් එයට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් ගෝඨාබය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඔහුට සහය දීමට සුදානමින් සිටින බව නෙළුම් මාවත ආරංචි මාර්ග පවසයි.

Related posts

ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න උළමා සභාවට රාජ්‍ය අනුග්‍රහය?

colombotoday

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin

අගමැති ධුරයෙන් ඉවත්වෙන්නැයි ජනපති මෛත්‍රී අගමැති රනිල්ට දන්වයි !!

colombotoday

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday