Colombo Today Local News

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

සජිත්ගේ එජාප රැස්වීමේදී ඔවුන් කළේ රාජපක්ෂලාට මඩ ගැසීම මිස පසුගිය වසර හතර හමාරක කාලය තුළ ඔවුන් කළ දේවල් පිළිබඳව නොවන බව හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තමන්ගේ රජයෙන් ජනතාව වෙනුවෙන් කිසිවක් සිදු නොකළ එජාපයට මඩ ගැසීම හැර කරන්නට වෙනත් දෙයක් නොමැති බවයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.

මෙම ආණ්ඩුව, ජනතාවට සිල්රෙදි ලබාදීම නිසා ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ ආණ්ඩුවක් බවත් ගාමිණී සෙනරත් මහතාට දඬුවම් දීමෙන් පසු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් වූ බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනතාවට මුහුණ දීගත නොහැකි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරමින් මැතිවරණ කල්දැමීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරණයට කල්දමා ගත නොහැකි වූ තැන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් කර තිබෙන බව ද රාජපක්ෂ මහතා පවසයි. කුමන උපක්‍රම යෙදුවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

ජොන්ස්ටන් සහ රත්නසේකර කරට කර සටනක

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

colombotoday

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday