Colombo Today Local News

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු සුරියවැව විහාරගලදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද  (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාකදුරේ මදුෂ් සමග සෘජුව අපරාධ රැසකට සම්බන්ධ අකුරැස්ස,තෙලිජ්ජවිල,තල්ගස්වත්ත පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකි.

මෙම  අත්අඩංගුවට පත් සැකකරු මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමඟුල් දිනයේදී  නිවසේ   සියලු කටයුතු සොලා බලා සිදු කළ  අයෙකු බවත්,ඔහු මාකදුරේ මධුෂ් සමග දුරකතනයෙන් ඍජුවම සම්බන්ධකම් පවත්වන අයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

මොහු ටි 56 ගිනි අවියක් හා ජිව උණ්ඩ 29 සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

Admin

පොලිසියට තුවක්කු දීලා තියෙන්න දත් මදින්න නොවෙයි- මහින්ද දේශප්‍රිය

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday