Covid 19

කෝවිඩ් මරණ වර්ග දෙකක්

කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෘජු කෝවිඞ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන්කර දැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රෝහලක කොවිඞ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන කොරෝනා වෛරස් රෝගීන් සෘජුවම කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස ගණන් ගැනෙන බවත් සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පීසීආර් පරික්ෂණවල දී කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍රව කෝවිඞ් ආශ්‍රීත මරණ සේ සැළකෙන බවත් හෙතෙම සඳහන් කළේය.

අද දින ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වන කෝවිඞ් සම්බන්ධ මරණය සම්බන්ධයෙන් සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු මේ බව හෙළි කළේය.

සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකු සිකුරාදා (30)දින පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ මගින් ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව, මෙරට සිදුවූ 22 වන කොවිඞ් ආසාදිත මරණය ලෙස එය වාර්තා කරනු ලැබිණි.

Related posts

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday

සඳුදා පනවන නිරෝදායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු රාත්‍රී 10 සිට ක්‍රියාත්මකයි – Updated

colombotoday

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

colombotoday

කොරෝනා මර්ධනයෙන් ඊශ්‍රායලය සාර්ථකත්වයට. | මුහුණු ආවරණ නීතියත් ඉවත් කර දමයි.

colombotoday