Colombo Today Local News

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

cope-unpමහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණයි.

එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව නිවැරදි නොවන බව එහි සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊට විරෝධය පළ කළා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාට මෙම වාර්තාව පිළිගත නොහැකි බවයි.

එසේ ප්‍රකාශ කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපති පුටුවෙන් නැගිට ගියා. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කරගෙන සකස් කර ඇති වාර්තාව තමාට, පසුව භාර දෙන ලෙසයි.

කෙසේ වෙතත් අද පැවති මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රංජන් රාමනායක හා රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.

මේ අතර ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම පාර්ශ්ව කිහිපයක් සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුවෙන් වාර්තා දෙකක් එළිදැක්වීමේ සූදානමක් ඇති බවයි.

Related posts

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

colombotoday

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

කෝටි 70ක වියදමින් සෑදු විහාරමහා දේවී උද්‍යානයේ මංතීරුව කඩා දමයි (VIDEO)

colombotoday

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

colombotoday

Video: තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ නැති පිස්සෙක් – උලමා සංවිධානය කියයි

colombotoday