Colombo Today Local NewsTop Stories

ජාත්‍යන්තර මහා සඟ සමුළුව 2018 – දෙසැම්බර් මස ජපානයේදී

රට දැය සමයෙහි උන්නතිය අරමුණු කොටගෙන ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ගරු තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව කුළු ගැන්වෙන, ශ්‍රී ලාංකික භික්ෂු පරපුරේ විශ්වීය පුනරාගමනයේ ජාත්‍යන්තර මහ සඟ සමුළුව-2018 දෙසැම්බර් මස 22, 23, 24 ය දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

2018 ජූනි මස 17 වැනි දින එහි මෙහෙයුම් කාර්‍යාලය ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ ගරු සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ සුරතින් විවෘත කිරීමෙන් හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්‍ය ගංගානාත් දිසානායක මැතිතුමාණන්ගේ අතින් නිල ධජය එසවීමෙන් සනිටුහන් විය.

විදෙස් රටවල වැඩවසමින් ධර්මදූත සේවයෙහි නියුතු ලාංකික භික්ෂූන් වහන්සේලාට මේ සඳහා සහබාගි විය හැකි අතර ඒ සඳහා ලියාපදිංචි වීම සඳහා පහත ලින්කුවෙන් පිවිසෙන්න.

GABS 2018 – ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව >>>>>>>

මේ පිළිබඳව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය…

ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්ස / හාමුදුරුවන් වහන්ස ,
මැතිතුමනි / මැතිනියනි,

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම සංඝයාගේ සමගිය සැපයට හේතුවන බව මොනවට පැහැදිලිවන කරුණකි. වසර දෙදහස් පන්සියයකට නොඅඩු බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන ලාංකික ජන සමාජය ලොවතුළ ප්‍රධාන ස්ථානයක් හිමි කර ගනුයේ, සතුට සාමය මෙන්ම අවසන නිවන් මගට පාර කියන උතුම් වූ බුදු දහම බෙදා හරින මහගෙදර යන විරුදාවලියට උරුමකම් කියමිනි.

එවන් වූ ධර්මද්වීපයක උපත ලද ලාංකික භික්ෂූන් වහන්සේ සිය වසකට එපිට සිට ලෝක ප්‍රජාවට බුදු දහම බෙදා දෙන්නට කාරුණික වී ඇති බව අපගේ විශ්වාසයයි. 1891 වසරේදී, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණෝ මහා බෝධි සංගමය පිහිටුවා දේශ දේශාන්තරයන්හි බුදු දහම බෙදාහරින්නට පුරෝගාමී වූ අතර එයින් පිබිදුණු ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ එමග යමින් අද වන විට ලොව බොහෝ රටවල විහාරස්ථාන ආරම්භ කරමින් තමන් වහන්සේලාගේ සාසනික සේවය ජාත්‍යන්තරය තුළ ඉටුකරමින් සිටින වග සිහිපත් කරනුයේ මෙම උතුම් කටයුත්ත ආරම්භ කළ දේශීය ආදිකතෘන් වහන්සේලාද පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමිනි.

මෙසේ ආදි යතිවරයන් වහන්සේලා විසින් තත්කාලීන අභියෝගයන් ඉදිරියේ තබන ලද පියවරයන් පිළිබද කල්පනා කළ අප ලොවපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ එක් වීම අත්‍යන්තයෙන් සිදුවිය යුතු කාලීන අවශ්‍යතාවයක් ලෙස වටහා ගතිමු. ඒ අනුව පළමුව ආචාර්ය අභිමතයන් සළකා බලනු වස් ත්‍රෛනිකායික මහානායක, අනුනායක, මහා ලේඛකාධිකාරී මාහිමිපාණන් වහන්සේලා සමග ඇතිකරගන්නා ලද ඵලදායී සාකචිඡාවන්හිදී උන්වහන්සේලාගේ අදහස වූයේද, මෙය යුගයේ අවශ්‍යතාවයක් බවයි. එහෙයින් අතිපූජනීය නාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය මෙන්ම මග පෙන්වීමද සිත දරාගෙන, ලොවපුරා ධර්මදූත මෙහෙවරෙහි නිරත වෙමින් තම මව්රටටත් ලෝකයටත් මහත් සේවයක් සිදුකරන යතිවරයන් වහන්සේලා එකමුතුකොට ගෙන අදීන සංඝ පෞර්ෂයක් බිහිකිරීමේ භාරදූර කාර්යය අද අදම කළයුත්තක් සේ සළකා ඒ සදහා මුල පිරුවෙමු.

ශ්‍රී ලාංකික භික්ෂු පරපුරෙහි අනාගත ගමන් මගෙහි ආනතිය තීරණය කෙරෙන මෙම සද්කාර්‍ය සදහා ලෝක සාසනාභිවෘදධියෙහි නියුතු ස්වදේශාභිමානී, බහුශ්‍රැත, ධර්මධර, විනයධර සියලු යතීන්ද්‍රයන් වහන්සේලාගේ හෘදයාංගම ආශිර්වාදය මෙන්ම උන්නතිකාමී අනුශාසනාවන්ද උදක්ම බලාපොරොත්තු වන අතර, “ජාත්‍යන්තර මහ සඟ සමුළුව-2018” ට සදහා වැඩම කරවන මෙන් සියලු ධර්මදූතයන් වහන්සේලාට පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කර සිටිමු .

තෙරුවන් සරණයි.
මෙයට
පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමි
විහාරාධිපති,
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය – ජපානය.

Related posts

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

colombotoday

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday