Covid 19

කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ.. රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න – සෞඛ්‍ය අංශ

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් සිදුව ඇති කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ ලෙස වාර්තාවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති පිරිස් අලුත් රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයකින් සිටිය යුතු බවය.

“අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති පිරිසට යම්කිසි අලුත් රෝග තත්ත්වයක් ඇති වුණොත් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. එය උණ වෙන්න පුළුවන්, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දුර්වලවීමක්, ආහාර අරුචිය, ගඳ සුවඳ නොදැනීම වගේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. එහෙම නොමැතිනම් 1999 අංකයට කථාකර උපදෙස් ලබා ගන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයක් උත්සන්න වෙනකම් බලාගෙන ඉන්න එපා. පසුගිය ඔක්තෝබර් මස 04 වනදා සිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර හඳුනාගැනීමෙන් පසු මියගිය කොවිඩ් ආසාදිතයින් 81 දෙනාගෙන් සැලකියයුතු පිරිසක් නිවෙස්වලදී මියගොස් තිබෙනවා,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මේ අතර ඊයේ සිදු වූ මරණ 04 ද සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday