Colombo Today Local News

කොවිඩ් බලපෑම නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

කොවිඩ් -19 බලපෑම නිසා රැකියා අහිමි වූ පිරිස් වෙත ආදායම් මාර්ග සලසා දීම රජය සතු වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (24)දින බොරැල්ල ප්‍රදේශයේ දී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කොවිඩ්-19 නිසා රටේ ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා තියෙන්නේ. අපි ආණ්ඩු බලයට පත්වුණා නම් අපේ වගකීම වන්නේ රැකියා අහිමි වූ හාරලක්ෂයට අලුතින් කර්මාන්ත බිහිකරලා, ඒ රැකියා ලබා දීම අපේ වගකීම වෙනවා,” යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.

“එහෙත් රටේ සමස්ථ ජනතාව තීරණය කළා ආණ්ඩු බලය යන්නට අවශ්‍ය පොහොට්ටු පක්ෂයට කියලා. ඒ නිසා ජනතා තීන්දුවට අපි ගරු කළා, ඒ වගේම ජනතාව තීන්දු කළා පොහොට්ටුව නොවෙයි සමගි ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම විය යුතුයි කියලා. ඒ තීරණයටත් අපි ගරු කරනවා. ඒ හැම තීන්දුවකට ගරු කරනවා වගේම පොහොට්ටු රජයේ වගකීමක් වෙනවා අහිමි වූ රැකියා ලක්ෂ හතර නැවතවරක් නිර්මාණය කරලා, ආදයම් මාර්ගයක් නිර්මාණය කිරීම,” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉන්දියාව නිසා උඩරට දුම්රිය මාර්ගය දවස් 6ක් වැසේ

Admin

ජෝන් කැඩූ ජොගිං පාත්, ජනතා මුදලින් නැවත හදයි.. කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරියෙන් පුද්ගලික සමාගමකට

colombotoday

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

colombotoday