කොරෝනා වෛරසය ආසාධනය වී කොළඹ අයි.ඩී,එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද රෝහලෙන් නිදහස් කෙරිණි.
ඇයට සමු දීම සදහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එක්ව සිටියා ය.
ඇය රෝහලෙන් පිටත්ව කටුනායක ගුවන්තොටුපල බලා ගිය අතර අද දිනයේම සිය රට වන චීනය බලා පිටත්ව යන බව සඳහන් කළාය.
තමනට ජීවිතය දුන් හා ඉතා හොඳින් රැකබලා ගත් ශ්‍රී ලංකා ජනරජයට රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළ ඇය ඉතා හැඟුම්බර ලෙස සියළු දෙනාටම සමු දුන්නාය.