Colombo Today Local News

කොරෝනා අසාදිත “බාබර්”ගෙන් කොණ්ඩය කැපූ 60කගේ කොරෝනා පරීක්ෂා කෙරේ

කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ.නමුත්,මම ඒඅයට උපදෙස් දුන්නා නිවෙස් වලටම වෙලා නිරෝධායනය වෙන්න කියලා…”යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා “දිවයින”ට පැවැසීය.

මීට අමතරව එම සැලූන් එක අසළ එළවළු⁣ වෙළෙඳාම සිදුකළ කාන්තාවක ද පී.සී. ආර්. පරීක්ෂණයට යොමුකළ බවත් ඒ මහතා කීය.

මීට අමතරව කොණ්ඩය කපාගත් පිරිස පදිංචි වතු හතරක පවුල් 248 කට අයත් පුද්ගලයින් 1022දෙනකු නිරෝධායන කඳවුරු වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.

“දැන් මේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් තවත් අය ඉන්නවානම් අපිට කියන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේ ම කොළඹ වතුවල ඉන්න අයට කියනවා තැන තැන ඇවිදින්න එපා කියලා.තව කට්ටිය එක්ක එකතුවෙලා කාඩ් සෙල්ලම් කරන්න එපා.ගෙවල් ගානේ යන්න එපා.සියලු දෙනා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරන්න.ඒවගේම නිකරුණේ කොළඹ තැන් තැන්වල ඇවිදින්න එපා.

Related posts

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin