නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
2015 වසරේ සිටම දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට විරුද්ධ වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දැන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙන් බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
#Tamil Political Prisoners whom @MaithripalaS stubbornly refused to release since 2015 are now to be released.Yet another stunning piece of political opportunism & hypocrisy. If it happens,this is the only positive action to come out of this crisis #CoupLK #ConstitutionalCrisisLK
— Mangala Samaraweera (@MangalaLK) November 4, 2018