Colombo Today Local NewsHot News

කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…

db1258dv

කොළඹ 13 මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් දිගින් දිගටම බාධා එල්ල කරන බව colombotoday වෙත වාර්තා වනවා.

වසර 90කට වඩා පැරණි මෙම කෝවිලේ පවත්වනු ලබන වේල් උත්සවයේ කරත්තය කෝවිල අසලට ගැනීම සිදු කර ඇතත් 36 වත්තේ මුස්ලිම් පල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ෆසිල් හජ්ජියාර් නමැති අය ඇතුළු පිරිසක් විසින් ගිය වසරේ සිට වේල් කරත්තය කෝවිල අසලට ගෙන ඒමට විරෝධය පළ කර ඇත.

ඒ පිළිබදව කොටහේන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසියේද සහය ඇතිව වේල් කරත්තය කොවිල අසලට ගෙන ඇත.

කෙසේ නමුත් මෙම වර්ෂයේද ඔක්තෝබර් 07 සිට 11 දින දක්වා මෙම වේල් උත්සවය පැවැත්වීමට සූදානමින් සිටියත් මෙම අවස්ථාවේද නැවත වරක් ආගමික ආරවුලකට මුලපුරමින් මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් වේල් කරත්තය කෝවිල අසලට නොගෙනෙන ලෙස තර්ජනය කරමින් සිටින බව කෝවිල භාරකාර මණ්ඩලය පවසනවා.

Related posts

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

20 සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සලකුණු වුණා – මන්ත්‍රී විජිත හේරත්

colombotoday

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

colombotoday

සම්මුතිය නිමයි..! ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

colombotoday