Colombo Today Local News

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් “කුඩු තිලාන්” නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

2014 වසරේ ජුනි මස 20 වනදා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 274 සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙම විත්තිකරු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබුණි.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කළ මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී තිබිණි.

Related posts

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

colombotoday

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

colombotoday