Colombo Today Local News

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් “කුඩු තිලාන්” නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

2014 වසරේ ජුනි මස 20 වනදා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 274 සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙම විත්තිකරු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබුණි.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කළ මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී තිබිණි.

Related posts

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන මැතිවරණය කළා. දයාසිරි පිළිගනියි

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday