Colombo Today Local NewsCovid 19

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බව සඳහන් වේ.

අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද PCR පරික්ෂණයට භාජනය කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනාගැනුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් හෙට (12) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසයි.

එතෙක් කිසිදු සිසුවෙක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස ඔහු ඉල්ලා සිටී.

Related posts

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙන්නැයි සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනපතිගෙන් යළි ඇරයුම්..

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday