Colombo Today Local News

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

“කාගේත් වුවමනාව මම යන එක නම් සමුගන්න එක හොඳ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට ඊයේ  (14) පැවැසීය.
පොලිස්පතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඕන බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ඔහු එසේ කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේද පැවසීය.

“දැන් ඉතින් හිටියා ඇති කියලා හිතෙනවා. මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා. කාගෙන්වත් එක ගල් කැටයක් අරගෙන නැහැ. මේවා දන්න අය දන්නවා. මම හරි හම්බ කර ගත්තේ මිනිස්සුයි, ආත්ම ගරුත්වයයි, නමයි විතරයි. මෙහෙම අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ.

මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අම්මගේ ආදරයයි පවුලේ සෙනෙහසයි විතරයි. සමහරු ෆේස්බුක් එකේ මගේ අම්මාගේ ෆොටෝ එකේ බෙල්ල කපලා වෙනත් මුහුණු දාලා අපහාස කළා. මට බණින එක ඉවසගන්න පුළුවන්. නමුත් අම්මට අපහාස කරපු එක දරන්න බැහැ. (පොලිස්පතිවරයා හැඟුම්බර වෙයි)

මම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්මගරුත්වයට මොකද වෙන්නේ. ඔබතුමා විශ්වාස කරන්න මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ.

මෙහිදී අප නැගූ ප්‍රශ්නවලට පොලිස්පතිවරයා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා ජනාධිපතිතුමා ඔබගෙන් ඉල්ලීමක් කර සිටියා ද?

පොලිස්පති:- නැහැ. එහෙම ඉල්ලීමක් කළේ නැහැ. නමුත් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ඇඟවීම මට තේරුණා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තුළ කළකිරීමක් තියෙනවා නම් මම මේ තනතුරේ ඉඳලා වැඩක් නැහැ.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගන්නෙ නැතිව පොලිස්පති ඉවත් කරන්න බැහැ කියලා නීති විශාරදයන් කියනවා.

පොලිස්පති:- ඔව්, කට්ටියක් කියනවා බැහැ කියලා. තව කට්ටියක් කියනවා පුළුවන් කියලා. ඒ කතා ඕනෑ නැහැ. මම ගියාම ඉවරයිනේ.

ප්‍රශ්නය:- කවදද ඉල්ලා අස්වෙන්නේ.

පොලිස්පති:- තවම හිතා බලාගෙන යනවා

Related posts

“දේවාලවල පොල් ගහල කන්නලව් කරාට අපේ වැඩපිළිවෙල නතර කරන්න බෑ“ – අගමැති

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල

colombotoday

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Admin

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin