Colombo Today Local News

ඖෂධ ගේන්න රට යන්න ඇමති කෙහෙළියට අධිකරණයෙන් අවසර

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01)දින අවසර ලබා දී තිබේ,

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අවසර හිමිවනු ඇත.

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ, අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු පවතින බවයි.

එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත.

Related posts

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday