Colombo Today Local News

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් හා පක්ෂය කෙරෙහි මේ වන විට කලකිරී ඇති ජ්‍යේෂ්ඨයන් ඒකරාශී කරගනිමින් අලූත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගීමට එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත.

මෙවර එජාප ය වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටෙව්වද එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට සමීප සුළුතරයක් සඳහා තනතුරු හා වරප‍්‍රසාද ලබා දී ඇති බවටත් එ.ජා.ප. ය විපක්ෂයේ සිටිය දී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීමේ විධිමත් යාන්ත‍්‍රණයක් ද මේ තාක් ආරම්භ කර නොමැති බවටත් පාක්ෂිකයන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම වර්තමාන එ.ජා.ප. මහ ලේකම්වරයා සමඟ අඩුම තරමින් දුරකථන මඟින් හෝ සම්බන්ධ වීමට හෝ අවස්ථාවක් නොමැති බවට එ.ජා.ප. පාක්ෂිකයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් පවතී.

එහෙත් පක්ෂයේ ඉතා අසීරු අවස්ථාවල දී පවා එවකට මහ ලේකම්වරයා වූ තිස්ස අත්තනායක මහතා එජාපය තුළ ගැටුම් සමථයට පත් කිරීමටත් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඕනෑම මොහොතක දුරකථනයෙන් වුව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ද තිබූ බව එම පාක්ෂිකයෝ පවසති.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා පවසන්නේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීම එ.ජා.ප. ආණ්ඩුවක් යටතේ කඩිනම්ව කරන බව පැවසුවත් එම කතා සියල්ල මැතිවරණ සමයේ වේදිකාවල කෙරුණු කතාවලට පමණක් සීමා වී තිබෙන බවයි.

එසේම ආණ්ඩුවේ ගමන් මඟ ගැනත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම ගැනත් කලකිරුණු එ.ජා.ප. මැති ඇමැතිවරුන් ගණනාවක් නව දේශපාලන පක්ෂයක් බිහි කරවා ගැනීම ගැන තීරණාත්මක සාකච්ඡුාවල නිරතව සිටින ඔහු කියා සිටියේය.

”එ.ජා.ප සාමාජිකයන්ට අමතරව වෙනත් දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරිත්වය ගැන කලකිරුණු පිරිස් මෙකී නව දේශපාලන පක්ෂය ගොඩනැගීමට එක්ව සිටිනවා” යැයි ද අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

”වත්මන් දේශපාලන ප‍්‍රවණතා තුළ අලූතින් බිහි වන පක්ෂයකට තනිව නැගී සිටීමට අසීරුයි. එහෙත් මෙය වටා එක්වීමට එකඟතාව පළ කර ඇති බලවේගවල ස්වභාවය හමුවේ මේ වෑයම වඩා ප‍්‍රබල වෑයමක් වනු ඇතැ”යි තිස්ස අත්තනායක මහතා බලාපොරොත්තු පළ කළේය.
-lankanewsweb

Related posts

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

කොකේන් ලයිස්තුවේ විමල්ගේ දෙනෙකුත් ඉන්නවා.. ඇමති කෙනෙක් කොකෙන් ගහන වීඩියෝවක් මා සතුයි…

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්‍රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයි

colombotoday

ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ ඉතා සාහසික ක්‍රියාවක්- මංගල

colombotoday