Colombo Today Local News

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාට ඊයේ (17)දින පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි ඔහුගේ නිවස අසළ දී එලෙස තියුණු ආයුධයකින් පහර දී තිබේ.

සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය

පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහුගේ පියා, කංජිපානි ඉම්රාන්ට ආහාර භාජනයක සූක්ෂම ලෙස සඟවා ජංගම දුරකථන 2ක් ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

Related posts

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

colombotoday

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

colombotoday

විමල් ට එරෙහිව බදියුදීන් CID යයි | මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ. පුළුවන්නම් චෝදනා ඔප්පු කරන්න

colombotoday