Colombo Today Local News

එජාප පසුපෙළ නොඑන බව කල්තියා දැන සිටියා; උදය ගම්මන්පිල – මගේ වැය ශීර්ෂය ගැටලුවක්‌ කර ගන්න එපා; චම්පික රණවක

චම්පිකගේ වැය ශීර්ෂයට ඡන්දය දෙන්න එජාප පසුපෙළ නොඑන බව අප කල්තියා දැන සිටියා ; උදය ගම්මන්පිල

මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයේත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේත් වැය ශීර්ෂ පරාජය කළේ ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් සහගතව යෑයි කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එජනිස උදය ගම්මන්පිල මහතා ඊයේ (29දා) පැවසීය.

වජිර අබේවර්ධන මහතාගේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කළේ පෞද්ගලික ප්‍රශ්නයකට නොව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට විරෝධය දැක්‌වීමට යෑයි ද ගම්මන්පිල මහතා කීවේය.

රාජපක්‍ෂ පාලන සමයේ කොළඹ නගරය අලංකාර කර සහ ජනතාවට කරදරයක්‌ පැවැති පදික වේදිකා ඉවත් කර වැසි කාලයට ජලයෙන් යට නොවන කොළඹක්‌ කුණු නැති කොළඹක්‌ නිර්මාණය කළේ යෑයි ද ගම්මන්පිල මහතා කීවේය.

නමුත් චම්පික රණවක මහතා මෙගා පොලිස්‌ ඇමැතිවරයා වූ පසු කටයුතු කරන්නේ ඉතාම අකාර්යක්‍ෂමව යෑයිද මේ නිසා කොළඹ සංවර්ධනය අකර්මණ්‍ය වී අලංකාරය විනාශ වී ඇතැයි ද පැවසූ ගම්මන්පිල මහතා ඒ නිසා ඔහුගේ අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කළේ යෑයි ද කීවේය.

එජාප පසුපෙළේ මන්ත්‍රීවරුන් චම්පික රණවක මහතාගේ වැඩපිළිවෙළට විරුද්ධ බවත් එම නිසා ඔවුන් ඡන්දය දීමට නොපැමිණෙන බව විපක්‍ෂය කල් තියා දැනසිටි බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය. අයවැය කාරක සභා විවාදය යටතේ දී පාර්ලිමේන්තුවේදී විවාද කළ ඉහත සඳහන් වැය ශීර්ෂ දෙක 28 දා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පරාජය වීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

මගේ වැය ශීර්ෂය කවුරුවත් ගැටලුවක්‌ කර ගන්න එපා; ඇමැති චම්පික රණවක.

කාරක සභා අවස්‌ථාවේදී පරාජය වූ සිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ලබන සතියේ නැවත සම්මත කර ගන්නා බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (29 වැනිදා) කියා සිටියේය.

එහෙයින් එය කිසිවකු ගැටලුවක්‌ කර ගත යුතු නැතැයි ද හෙතෙම කීවේය.

එහෙයින් ඒ පිළිබඳ කිසිවකු කලබල විය යුතු නැතැයි ද රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පිල් මාරුව ඇරඹේ.. මහින්දගේ අලුත් පක්ෂයට එජාප මන්ත්‍රීන් පිරිසක් එක්වෙයි

colombotoday

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday

දුම්රිය ධාවනය ඇණහිටී… දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක්

colombotoday