Colombo Today Local News

ඊයේ හඳුනාගත් ජාඇල සුදුවැල්ල කොරෝනා ආසාදිත 5 දෙනා තැන තැන ඇවිදලා.

ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට  උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින්  විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මෝඩ තකතීරු තීරණයක්. හැබැයි මම සහය දෙනවා. – අනුර කුමාර දිසානායක

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday