Colombo Today Local News

‍ඊයේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රටම අන්දලා – කිසිඳු හඩපටයක් සභාගත කර නෑ !

තමන් සතුව තවත් හඬපට සහිත බවත්, ඒවා පාර්ලිමේන්තුවේදි සභාගත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ 21 දින කල ප්‍රකාශය අසත්‍යයක් බවට වාර්තා වනවා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා හඩපටයක් අඩංගු දෘඩ තැටියක් හෝ කිසිදු දෘඩාංගයක් පාර්ලිමේන්තුවට රැගෙන පැමිණි නැති බවයි වර්තා වන්නේ.

ඔහුගේ කතාවෙන් පසු හඬපට සභාගත කරන්නේ නැතිදැයි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අවස්තාවේ සිනා සෙමින් සභාගැබෙන් නික්ම ගොස් තිබෙන බවත් වාර්තා වේ.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් පැයකට පමණ පසුව නැගී සිටි පොහොට්ටුව නියෝජනය කරනා රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මුලසුනෙන් විමසා සිටියේ රංජන් රාමනායක විසින් හඬපට එකක් හෝ සභාගත කර ඇතිද යන්නයි.

ඒ අවස්ථාවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ ‘‘මා දන්නා තරමින් දීලා නෑ’’ යනුවෙනි.

Related posts

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

colombotoday

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday

අගමැතිට මාධ්‍ය භීතිකාව වැළදිලා.. මාධ්‍යවේදීන්ට බල්ලා, ගෙම්බා, රීරියකා කියනවා… මේකද මාධ්‍යට දුන්නු අපමණ අගය

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday