Colombo Today Local NewsUncategorized

Video – ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ මනෝ ගනේෂන් මළකඳක් වෙලා – බොදු බල සේනා

ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන්ගේ ඇමතිකම ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ යහපාලන මළකුණක් වී ඇති බවත්, ජාතික සංහිදියාව ගොඩ නැගීම කෙසේ වෙතත් තමන් නියෝජනය කරන ප්‍රජාවේ ආගමික අයිතීන් පවා ආරක්ෂා කරගැනීමට නොහැකිව ඔහු අසරණ වී ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසනවා. එහි වැඩසටහන් අධ්‍යක්ෂක කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා මේ බව පවසා සිටියේ  කොටහෙන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව මුස්ලිම් පිරිසක් විසින් ඇතිකරන ආගමික ගැටුම පිළිබදව ColomboToday සමග අදහස් දක්වමින්.

දිලන්ත විතානගේ මහතාගේ ප්‍රකාශය පහතින්

රට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය පසුගිය කාලය පුරා කළ හෙළිදරව් සත්‍යයක් වන බව මේ සිදුවීම් හරහා තහවුරු වන බවත්, පසුගිය ආණ්ඩුවේ සහය ඇතිව රට තුළ ආගමික ගැටුම් ඇති කළේ යැයි ඇතැම් පාර්ශව විසින් බොදු බල සේනාවට එල්ල කළ චෝදනාව ද අසත්‍යක් වන බවට ඔප්පු වන බව පෙන්වා දෙන ඒ මහතා වැඩි දුරටත් පැවසූවේ බොදු බල සේනාවට එරෙහිව මනෝ ගනේෂන් අමත්‍යවරයා එල්ල කළ මඩ ප්‍රහාර දැන් ඔහුටම පාරා වළල්ලක් වී ඇති බවයි. කොටහේනේ හින්දු ජනතාවගේ ආගමික අයිතිය ආරක්ෂා කරදීමට ඇමතිවරයාට නොහැකි නම් තමන් ඒ සදහාද ඉදිරිපත් වීමට සූදානම් බව ඔහු පවසනවා.

 

kotahමේ අතර මෙම සිදුවීම පිටුපස කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහතාගේ හිතවතුන් පිරිසක් ක්‍රියාත්මක වන බව කොටහේනේ හින්දු ජනතාව චෝදනා කරනවා. ඉකුත් දා පූජාවට මනෝ ගනේෂන් ඇමතිවරයා පැමිණි අවස්ථාවේ පූජාවට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු මුස්ලිම් පිරිස මෙහෙයවූයේ කොළඹ නගරාධිපතිවරයාගේ අරක්කැමියා ලෙස කටයුතු කරන පුද්ගලයා බව ඔවුන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන්කෝවිලේ ප්‍රකාශකයකු අදහස් දක්වමින්

 

Related posts

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

colombotoday

කදුකරයට මහ වැසි ඇදහැළෙයි… ලක්ෂපානේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ…

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

colombotoday