Colombo Today Local News

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

හින්දු පුවත් පත මඟින් අද සහ හෙට දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වෙයි.

මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අනාගත සම්බන්ධතාවයන් මුලික කර ගනිමින් මෙම දේශනය පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්ථාන, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරුන්ට සහභාගී වීමට නියමිතයි.

මෙයට සචින් තෙන්ඩුර්කාර් හා කරන් ජොහාර් හා පද්මා ලක්ෂ්මි වැනි අයද එක් වීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

Admin

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin