ඉන්දු කාශ්මීරයේ පුල්වානාහි සෙබළුන් 40 ක් ඝාතනය කිරීමට සම්බන්ධ ජයිස් මොහමඩ් සංවිධානයේ අහමද්කාස් හෙවත් මොහමඩ් බායි ඇතුළු තිදෙනෙක් හමුදා ප්රහාරයකින් මරුමුවට පත්වී ඇත.
ඉන්දු කාශ්මීරයේ පින්ග්ලින් ප්රදේශයේ දී හමුදා භටයන් සමඟ ඇතිවූ ගැටුමකදී මොවුන් මරුමුවට පත්වී තිබේ. මරුමුවට පත්වූ ත්රස්තවාදීන් තිදෙනාගේ සිරුරු සොයාගෙන ඇත. 25 හැවිරිදි වියේ පසුවූ කාන් නමැත්තා විදුලි කාර්මිකයෙකි. මොහු පුල්වානා ප්රදේශයේ පදිංචිව සිටි බව අනාවරණය වේ.