Colombo Today Sports News

ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැළසුම් කළ පරිදි ජුනි මස නොපැවැත්වේ

මේ මාසයේදී පැවැත්වීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකා සංචාරයට සහභාගී විය නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විස්සයි විස්ස තරඟ 3කට සහ එක්දින ජාත්‍යාන්තර තරඟ 3කට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුනි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවත ඇරඹීමට පෙර ඉන්දීය රජයේ සහ එරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගත යුතුව ඇතැයි ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

Related posts

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයි

colombotoday

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

colombotoday

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

colombotoday

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin