World

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

35jj3kewසිරියාවේ ISIS ඉලක්ක වෙත එල්ල කරනු ලැබූ රුසියානු කෲස් මිසයිල 4ක් ඉරානයට ඇද වැටුණු බවට පළ වන වාර්තා අමූලික අසත්‍යයක් බව ඉරාන මිලිටරි ප‍්‍රධානියෙකු වන ජෙනරාල් මූසා කමාලි පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවක් ඉරාන ආරක්‍ෂක අංශ වෙත වාර්තාවී නොමැති බවයි.  මෙවැනි පුවත් වාර්තා කරන පුද්ගලයින්ට ඒ පිළිබඳ යම් සාක්‍ෂියක් තිබේ නම් ඒවාද ඔවුන් විසින් නිසැකව ඉදිරිපත් කරන බව පවසා ඇති ජෙනරාල්වරයා මෙය කලාපයේ ඇමරිකානු ප‍්‍රතිපත්තිවලට විරුද්ධවන්නන්ට එරෙහිව ක‍්‍රියාත්මක කරන මනෝවිද්‍යාත්මක යුධ ක‍්‍රමයක් බවද පවසා තිබේ.

රුසියාවේ කැස්පියන් නෞකා කණ්ඩායම විසින් සිරියාවේ ISIS ඉලක්ක වෙත යොමු කළ කෲස් මිසයිල 24කින් 4ක් අතරමගදී ඉරානයට ඇද වැටුණු බවත් ඉන් සිවිල් වැසියන්ට හානි සිදුවන්නට ඇති බවත් නිර්නාමික ඇමරිකානු ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් සී.එන්.එන්, රොයිටර්, බ්ලූම්බර්ග් හා ඇසොසියේටඞ් ෆ‍්‍රැන්ස් ප්‍රෙස් යන ජාත්‍යන්තර පුවත්සේවයන් විසින් වාර්තා කරන ලදී.

මෙම වාර්තා රුසියාව විසින් ප‍්‍රතික්‍ෂේප කළ අතර මිසයිල සියල්ල සාර්ථක ලෙස සිරියාවේ ඉලක්ක කරා ළගාවූ බව පවසනු ලැබිණි.

සිරියාව කරා යන මිසයිල කිලෝමීටර් 1500ක සිය ගමන්මගේදී පසුකරන ඉරානය හා ඉරාකයට ඒවායින් කිසිදු අනතුරක් එල්ල නොවන බව රුසියානු ආරක්‍ෂක අංශ විසින් අවධාරණය කර තිබේ.

Related posts

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයකට පැමිණි මුස්ලිම් ජාතිකයකු ලන්ඩන් ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday