Colombo Today Local News

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

kotahena muslim jihadist
කෝවිලේ පරිපාලකයන්ට මරණ තර්ජණය කළ පුද්ගලයා

කොළඹ 13, බාබාර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ඒමට විරුද්ධව අසල මුස්ලිම් පල්ලියේ පිරිස විසින් මරණ තර්ජණ එල්ල කරන බැවින් උත්සවය අත්හිටුවීමට කෝවිල් පරිපාලක මණ්ඩලය තීරණය කර තිබේ. උද උදෑසන කෝවිලට පැමිණි ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් පවසා ඇත්තේ තමන් නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මෙවැනි සිදුවීමක් ඇති වීම තමන්ට ලැජ්ජාවක් බැවින් කෙසේ හෝ කෝවිලේ උත්සවය පවත්වන ලෙසත් ආරක්ෂාව පිළිබද තමන් බලාගන්නා බවත්ය.

කෙසේ නමුත් ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වගවීමක් නොමැති බව කියන කෝවිල් පරිපාලක මණ්ඩලය මුස්ලිම් පිරිස විසින් තමන් මරා දමන බවට තර්ජණය කරන බැවින් ආරක්ෂාව පිළිබද සහතිකයක් දෙන තුරු කෝවිල් උත්සවය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පවසනවා. අද හවස ජාතික සංවාද අමාත්‍යාංශයේ දී කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් දේශපාලඥයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට මනෝ ගනේෂන් ඇමතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වනවා.

Related posts

Colombo Today වාර්තාව සත්‍ය වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

ටෙලිකොම් ලොක්කෝ පිස්සු කෙලිනවා – වෘත්තීය සමිති ජනපතිට කියයි

colombotoday

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin