Colombo Today Local News

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් පලදායී කි‍්‍රයාවක් නොවන බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ඉක්මගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක‍්‍රමවත් වැඩපිළිවෙලක් දියත් වී නොමැති බවයි.

මේ ගැටළුව විසඳීමට අදාලව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පැවසූ පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව වසරේදීවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි වාතාවරණයක් උදාකර දීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි.

මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡුාවකදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ඔහු යෝජනා කර සිටින්නේ රාජ්‍ය අමාත්‍යංශ වෙත විෂයපථයන් වෙන් කර දීමට පියවර ගත යුතු බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යංශ වෙත මේවන විටත් ලේකම්වරු ලබා දීමට පියවර ගෙන ඇතත් ප‍්‍රායෝගිකව වැඩකටයුතු සිදු කිරීමට හැකි වාතාවරණයක් නොමැති බවයි. රාජ්‍ය අමාත්‍යංශ මගින් පලදායී සේවාවක් සිදු කිරීමටනම් වෙනම වැය ශීර්ෂයක් මගින් මුදල් ප‍්‍රතිපාදන වෙන් කර දිය යුතු බවද ඔහු යෝජනා කර සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

‘රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් ශක්තිමත්ව නිර්මාණශීලීව වැඩ කරන්න පුළුවන් අයයි. එවැනි ජනතා නියෝජිතයින් නිකරුනේ ඉන්න කැමති නැහැ. වසර ගණනක් අපි බලන් හිටියේ ජනතාවට වැඩ කරන්න. ආණ්ඩු බලය ලැබුණම අපි සතුටු වුණේ ඒ නිසයි. එහෙත් රාජ්‍ය අමාත්‍ය කිරුළ යටතේ වැඩ කරන්න තිබුණු ශක්තිය නැති වෙලා.

අපි දැන් අරගල කරන්නේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කර ගන්න. හැබැයි මෙහෙම අරගල කරන්න සිද්ද වෙයි කියලා එදා අපිවත් මහජනයාවත් හිතුවෙ නෑ. ඉතිං අපි වැඩ කරන්න බලය ඉල්ලලා ඉල්ලීම් ඉදිරිපත් කරනවා. මේක බරපතල ගැටළුවක්. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන්ට සිදු වෙලා තියෙන අසාධාරණය ආණ්ඩුවටත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි.

ඒ නිසයි අපි රාජ්‍ය අමාත්‍යංශ සඳහා ගැසට් මගින් විෂය පථයන් වෙන් කරන්න කියල ජනාධිපතිවරයාගෙන් වගේම අගැමැතිතුමාගෙනුත් ඉල්ලා සිටියේ. වැඩ කරන්න වගේම ජනතාව දුන් බලය රැකගැනීමත් වෙනුවෙන් තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. මේ වසරේ මුල් මාස දෙක තුළ මේ ගැටළුවට නිසි විසඳුම් ලබා නොදෙන්නේනම් අමාත්‍යධූරවල රැදී සිටීමෙන් පලක් නොවන බවත් එසේ වන්නේනම් කුමක් කරන්නේදැයි දෙවනුව සිතා බැලීමට සිදුවන බවත් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.

මාධ්‍ය ඒකකය
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාතංශය

Related posts

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

“පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් රට පුරා, තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න”

colombotoday

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin