Colombo Today Local News

“අලියා කුලප්පු වුණොත් භයානකයි“ – කබීර් හෂීම්ගෙන් අනතුරු ඇගවීමක් !

අලියා හොඳින් හිලා වෙච්ච සතෙක් බවත්  අලියා කුලප්පු කර ගත්තොත්  එය භායානක තත්ත්වයක් බව  මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා පවසයි.

“මේ ඔළුවෙන් හිටගන්නා පොහොට්ටුවේ අයෙක් මෙම මාර්ගය විවෘත කිරිමක් පිළිබඳව කතා කලා.  මෙය පුදුමයක් නොවෙයි. මොකද මේ පොහොට්ටුවේ අය ඔළුවෙන් හිටගෙනයි වැඩ කරන්නේ. එත් සරම් ඇගෙන ඔළුවෙන් හිටගත් විට නිරුවත පෙනෙන එක ඔවුන් දන්නේ නැහැ.

අලියා හොදින් හිලා වෙච්ච සතෙක් එත් මේ අලියා කුලප්පු කර ගන්න එපා කියන එක මම මේ අයට කියන්න ඔන. මොකද අලියා කුලප්පු වුණොත් එය භායානකයි. මෙම මාර්ග අපි සංවර්ධනය කරන්නේ මේ ජනතාවගේ අවශ්‍යතාවයටයි . එහෙම නැතිව වෙන දෙයකට නොවෙයි.

කාපට් යොදා නවිකරණය කරන ලද අඹගමුව සෙල්ලිපි ගම මාර්ගය මහ මාර්ග මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා විවෘත කිරිමට පියවර ගෙන තිබියදි එම මාර්ගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්  විසින් විවෘත කර තිබිම හේතුවෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

colombotoday

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

රනිල් බේරාගන්න මහින්ද එයි

colombotoday