Colombo Today Local News

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉදිකරන අරාබි මද්‍රා පාසලකට මුදල් එකතු කරමින් සිටි පුද්ගලයන් පස්‌දෙනකු ඔවුන් පැමිණි වෑන් රථයක්‌ සමග වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේදී පෙරේදා (10 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව බෝගහකුඹුර පොලිසිය පවසයි.

ත්‍රිකුණාමල කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි අයකු සහ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ මුදල් එකතු කරමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයන් වයස අවුරුදු තිස්‌ එකක, විසි අටක, විසි හතක, තිස්‌ තුනක සහ විසි නවයක වයසේ පසුවන්නන් බවද බෝගහකුඹුර පොලිසිය කියයි.

මෙම පුද්ගලයන් වැලිමඩ බෝගහකුඹුර ගුරුතලාව ප්‍රදේශයේදී අරාබි මද්‍රd පාසලකට මුදල් එකතු කරමින් සිටින බවට බෝගහකුඹුර පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත බෝගහකුඹුර පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් රාත්‍රියේදීම මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් වැලිමඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්‌ඩාරවෙල පොලිස්‌ අධිකාරි අතුල ද සිල්වා මහතාගේ උපදෙස්‌ පරිදි බෝගහකුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. යූ. ප්‍රියන්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ බෝගහකුඹුර පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති

Related posts

කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් 32කට කොවිඩ් | පොලිස් රාජකාරි අඛණ්ඩව

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී ලාංකිකයෝ ලන්ඩනයේ විරෝධතාවක…

colombotoday

ලංකාවේ ඉදිවූ “ලොව ප්‍රථම ගව අනාථාගාරයට” ඔබේ උදව් අවශ්‍යයි

colombotoday

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

colombotoday

රඳවා තිබූ පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි – මුදල් නොගෙවූ තවත් නැව් 3ක් කොළඹ වරායේ

colombotoday