World

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි – එය ලැජ්ජාවට කරුණක් බව ට්‍රම්ප් කියයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ.

ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එය, “එය ලැජ්ජාවට කරුණක්” බවය.

ලොව පුරා වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බව පැවසූ ට්‍රම්ප්, ඔහු සුදුසු පියවර නොගත්තේ නම් මරණ ගණන මීට වඩා වැඩි විය හැකිව තිබූ බව පැවසීය.

අමෙරිකාවෙන් පළමු කොවිඩ් -19 මරණය වාර්තා වූවේ, පෙබරවාරි 29 වැනිදා ය. දින 54කට පසු, එනම් අප්‍රේල් 23 වැනිදා එරටින් 50,000වැනි කොවිඩ් -19 මරණය වාර්තා විය.

එතැන් සිට, සමස්ථ මරණ ගණන 100,000 වීමට ගත වූවේ දින 29කි.

100,000 සිට 150,000 දක්වා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ගත වූවේ දින 65කි.

එතැන්, සිට එරට කොවිඩ් -19 මරණ 200,000 සීමාව ඉක්මවා යෑමට ගත වූවේ දින 55කි.

Related posts

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

colombotoday