World

අමෙරිකාවේ විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා

අමෙරිකාවේ ආරම්භ වී තිබෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා පැවැත්වෙන බවට වාර්තා වේ. කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිද්ධියත් සමග ඊට එරෙහිව අමෙරිකාවේ නගර රැසක 06 වන දිනටත් මේ වන විට විරෝධතා පවත්වයි.

එම විරෝධතාවයන්ට සහය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර, නවසීලන්තයේ නගර රැසක ද, ඕස්ට්‍රේලියාවේ ද මෙම විරෝධතා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර බර්ලිනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවයක් පවත්වයි.

අමෙරිකාවේ පැවැත්වෙන මෙම විරෝධතාවයන් හමුවේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවධානමක් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් බිය පළ කර සිටියි.

මේ අතර පසුගිය දින 06 ක කාලය තුල පනවා තිබු ඇඳිරි නීතිය කඩ කරමින් විරෝධතාවයන්ට එක්වූ පුද්ගලයින් 4000ක් පමණ මේ වන විට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

ලෝක බලවතාගෙන්, ජනපති පුටින්ට අනතුරු ඇගවීමක්

colombotoday

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

Admin

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin