Colombo Today Local News

අමිත් වීරසිංහ ඇතුළු මහසෝන් බළකායේ දහදෙනා නැවතත් රිමාන්ඩ් !

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා ලබන මස 10 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මොවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. පරික්්දීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පසුගිය 4 වනදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

දිගන නගරයේ වෙලඳසැල්වලට සහ ආගමික ස්ථානවලට අලාභ හානි සිදු කරමින් ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය සහ වෛරය ඇති වන ආකාරයට ක්‍රියාකිරීම සම්බන්ධයෙනුයි මොවුන් විරුද්ධව චෝදනා එල්ල වී ඇත්තේ. ත්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පළාත් සභා මන්ත්‍රීවරයා රජවැල්ල ප්‍රදේශයේ පදිංචි සමන්ත පෙරේරා හෙවත් අරලිය සමන්ත යන අය බවයි පොලිසිය සඳහන් කළේ.

Related posts

නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

ජපුරේ මහා ගැටුමක්

Admin

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

colombotoday

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday