World

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

කාශ්මීරයේ පුල්වමා ප්‍රාන්තයේදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක්ට මරු කැඳවමින් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාකිස්ථානයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටිනවා. සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය පාකිස්ථාන සංචාරය අවසන් කොට රටින් පිටව යාමත් සමග අගමැතිවරයා අද (19) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදී කියා සිටියේ සවුදියේ ඔටුන්න හිමි කුමරුගේ සංචාරය හේතුවෙන් තමන්ට පුල්වමා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට ප්‍රමාද වුවා හැර වෙනත් කිසිදු ගැටළුවක් නොමැති බවයි. එමෙන්ම සිය බුද්ධි අංශ මගින් මෙම ප්‍රහාරයට පාකිස්ථාන ජාතිකයෙක් සම්බන්ධ බවට ස්වාධීනව තහවුරු කර ගත් තොරතුරු ලබාදීමක් සිදුකළ හොත් එම පුද්ගලයාට එරෙහිව සිය රජය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම යම් හෙයකින් ඉන්දීය ආරක්ෂක අංශ පාකිස්ථානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කල හොත් තම රටද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව අගමැතිවරයා ජාතිය අමතා කියා සිටියා. ඉන්දීයාවේ මහ මැතිවරණය ආසන්නවී තිබීම හේතුවෙන් පාකිස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රකාශ හරහා වාසි ලබා ගැනීමට දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාකිස්ථානය මේ වන විට ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින බවත් මෙවැනි ත්‍රස්ත ප්‍රහාර වලට සහය දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පාකිස්ථාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුල විකාශනය කිරීම අත්හිටුවීමට එරට රූපවාහිනී සේවයන් ඊයේ (18) සිට තීරණය කර තිබෙනවා.

මේ අතර ඉන්දීය සිනමා කේෂත්‍රයේ සිටින කිසිදු පාකිස්ථාන සම්භවයක් ඇති නළුවෙක්ට නිළියකට, ගායකයෙක්ට හෝ ගායිකාවක් සමග වැඩකටයුතු කිරීමෙන් වැළකෙන ලෙස එරට සිනමා වෘත්තිකයින්ගේ සංගමය ඊයේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

Related posts

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

“විශ්‍රාම ගියත් ඇමෙරිකාව වෙනුවෙන් නැගීසිටිනවා” – ඔබාමා

colombotoday

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

Admin

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday