Colombo Today Local News

අනතුරින් දරුවකු බේරා ගැනීමට ගිය කොස්තාපල් බසයක ගැටී රෝහලේ

ත්‍රිරෝද රියක ගැටීමකින් අනතුරට ලක් වු වයස අවුරුදු 7ක දරුවකු බේරා ගැනිමටගිය පොලිස් කොස්තාපල්වරයකු බසයක ගැටීමෙන් අනතුරට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.

අතුරුගිරිය පොලිසියට අනියුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා පාදුක්කේ පිහිටි සිය නිවසට යන අතරතුරදි අතුරුගිරිය ගොඩගම මාර්ගයේදි මෙම අනතුරට ලක්ව ඇත.

සිය යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේදි ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රියක වයස අවුරුදු 7ක දරුවකු ගැටී අනතුරට ලක්වී දරුවා මාර්ගයේ මැදට විසි වනු දුටු කොස්තාපල්වරයා යතුරුපැදිය මාර්ගය අයිනේ පෙරලා දමා දරුවා බේරා ගැනිමට යාමේදි මෙම අනතුර සිදු ඇතිබව පරීක්ෂණ වලදිඅනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව තුවාල ලැබු කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට සහ අනතුරටපත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධව පෞද්ලික බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා අනතුරට ලක් කර පලාගිය ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරයි.

Related posts

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

colombotoday

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

Admin