Colombo Today Local News

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

අධිකරණයට අපහාස කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ජූනි මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.

නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්  සිතාසි කිරීම සිදු කළේය.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර සරත් විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම  අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුගෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරු අදාළ පැමිණිල්ල තූළින් අභියාචනාධිකරණයේන් ඉල්ලා  තිබේ.

Related posts

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

Admin

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

අයින් කළේ නෑලු අයින් වුණා ලු

Admin

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday