Colombo Today Local News

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වෙත නොතීසි නිකුත්කර තිබේ.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව, මෙම පැමිණිල්ල අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිය.

එහිදී වගඋත්තරකාර හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා සූදානම් බවයි.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පෙන්වා දුන්නේ මෙම චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ද ලබා ගැනීම බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මස 7 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කළේය.

Related posts

ජනපති ‍හොද නෑ කිවාට 19 වන සංශෝධනය ඉතා හොදයි…

colombotoday

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

කසිප්පු ලුවිස්, බංකර් හිල්ඩා, වැල්ලේ සුරංගගේ මාමා ඇතුළු කොළඹ පාතාලය මනෝ ගනේෂන්ගේ අපේක්ෂක ලයිස්තුවේ.

colombotoday

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

colombotoday

ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ ආසියානු කේන්ද්‍රස්ථානය වෙලා – රොයිටර් ලෝකෙටම කියයි

colombotoday

ගෙවුණු වසර තුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් ගත්තත් ප්‍රමාණවත් නෑ

colombotoday