Colombo Today Local News

ජනාධිපතිතුමාගේ ඔලුවේ අසූචි දාන්න ආවොත් එජාපයට හොද පාඩමක් උගන්නනවා !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිසට උඩින් පියාසර කිරීමට අවසර තිබුණත් එතුමාගේ ඔළුව උඩ කූඩු තනා අසූචි දැමීමට උත්සහා කළොත් එජාපය නිසා පාඩම් උගන්වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හාලිඇල ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙ හිසට උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. එතුමාගේ ඔළුව උඩ ඕන නම් කූඩු හදන්නත් පුළුවන්. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඔළුව උඩ කූඩුත් හදලා අසූචි දාන්න ආවොත් අපි නිකම් ඉන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ අයට අපි කියනවා. අපි පවුරක් වගේ එකතුවෙලා එක්සත් ජාතික පක්ෂයේ අයට නිසි පාඩම් උගන්වනවා.

දැන් තියෙන ආණ්ඩුව අපිට ටිකක් නුහුරුයි. නයයි-මුගටියයි එකතු වෙලා ඉන්නේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකොට පක්ෂ දෙකෙන් එකකටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න මිනිස්සු බලය දුන්නේ නැහැ. අද සමහර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු අපේ රටේ ජනාධිපතිතුමාට එල්ල කරන යම් යම් අවලාද මෙන්ම උඩින් සහ යටින් කරන මේ හතුරුකම් පිළිබඳ අපි අවධානයෙන් ඉන්නේ.

ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිතුමාට අපි ඡන්දය දුන්නේ නැහැ. ඒක වෙනම එකක්. නමුත් එතුමා සිංහල-දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරගෙන කාටත් අසාධාරණයක් නොවෙන්න කටයුතු කරනවා. භික්‍ෂුන් වහන්සේට අවමන් කරන අයට අවමන් කරන්න එපා කියමින් භික්‍ෂුන් වහන්සේ කියන දේ අහන, මේ රටේ ගොවියකුගේ පුතෙක් වූ අපේ ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් දිගටම අවලාද කියනවා නම් දිගටම චෝදනා කරනවා නම් අපි පවුරක් වගේ බැඳිලා මේ ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්නවා. සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්නවා කියලා අපේ ජනාධිපතිතුමාට අවලාද කියන්න, අවමන් කරන්න අපේ ජනාධිපතිතුමාට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ.

යූ. එන්. පී. කාරයන්ට ඡන්දයට දාන්න කවුරුත් හිටියේ නැහැ. ඔවුන්ට ඡන්දය දිනන්නත් බැහැ. ඒ නිසා පොදු අපේක්‍ෂකයා ලේබලය අලවගෙන තමයි මෛත්‍රිපාල මහත්තයා දාගෙන දිනාගත්තේ. ඒ දිනාගත්තා කියලා යූ. එන්. පී. කාරයන්ට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මේ විදියට අවමන් කරන්න දෙන්න බැහැ. යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට හසුවූ මිණිමුතු මෝරුන් යළි දියඹටම දමයි

colombotoday

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ජාජබ යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති කොටුව පොලිස් නිලධාරීන්

colombotoday

“ජනතාවට ඇති තරම් සහන දීල තියනවා.. තවත්නම් සහන දෙන්න බෑ” – මුදල් ඇමති රවී

colombotoday