ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වේදැයි පරික්ෂා කිරිම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (2021 ජුනි 06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.
මෙහිදී , MV X-PRESS PEARL නෞකාවෙහි ජලයේ ගිලි ඇති කොටසේ වූ ඉන්ධන ටැංකි මගින් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්ෂා කර බැලීම සඳහා මෙම කිමිදුම් කණ්ඩායම විසින් කටයුතු කළ අතර, අයහපත් කාළගුණය හේතුවෙන් පවතින අඩු දෘෂ්‍යතාවය හා මුහුදේ රළු ස්වභාවය මත එම නිරික්ෂණ කටයුතු හෙට දිනය තුලදි ද සිදු කිරිමට නාවික හමුදාව සැලසුම් කර ඇත.